ධර්මය සාකච්චා කරන විට නිතර කියවෙන දෙයකි මනසින් නිදහස්වීම.මනස තමයි ප්‍රශ්නය.ලෝකය නම් මනසයි.මනස වර්තමානය නොහදුනයි.සියල්ලම මනස පමණි.මේ තමයි මනස සම්බන්ධ කියවෙන කරුණු.මෙම මනස පිළිබද සාකච්චාව මුලිකවම පවතින්නෙ මහායාන බුදුදහමේයි.සියල්ලම මනස පමණි.මනසෙන් නිදහස්වීම සියල්ලෙන් නිදහස්වීමයි.යන අදහස මහායාන සියලුම කොටස්වල පොදු පිළිගැනීමකි.
මනසෙන් නිදස්වීම යනු මෙතෙක් රැස්කල දැනුමෙන්,නාම - රූප ලෝකයෙන් මිදීමයි.එතකොට ප්‍රශ්නයක් එනව,ඒ සියල්ලෙන් මිදිල අපි කොහොමද මෙලොව එදිනෙදා ජීවිතය ගත කරන්නෙ කියල.
මෙම ප්‍රශ්නය වරක් අන්‍ය තීර්තකයන් විසින් බුදුන්වහන්සේගෙන් ඇහුව.ඔවුන් ඇහුව ඔබවහන්සේ නිතරම මෙලොවින් එතෙර සම්බුද්දත්වයේද සර්වඤ්ඤ ඤාණයේද ඉන්නෙ කියල.එතනදි බුදුන්වහන්සේ පිළිතුරු දුන්නෙ එහෙම වුනොත් මට ආනන්දවත් හදුනන්න බැරිවෙයි.පාරක් තොටක් හොයාගෙන ඇවිදින්නත් බැරිවෙයි.මම එම සර්වඤතා ඥාණය අවශ්‍ය අවස්ථාවෙ භාවිතා කරනව,නැත්නම් සාමානය මනුස්ස ජීවිතය ගත කරනව කියල. මේක මනසෙ ඉන්න අයට අවබෝධ කර ගැනීම අමාරු වෙයි.මනසින් නිදහස්වීම යනු සම්පුර්ණයෙන් මනස නැතිවීම නොවේ.වර්තමනයේ මනසේ සිටින අයට සිදුවී ඇති මනසට රැවටීමෙන් නිදහස්වීමයි.අපි බාහිර අරමුණු ගන්නා විට අපිට හමුවන්නෙ සැම විටම නාම-රූපයකි.නමුත් සත්‍ය නම් බාහිරේ නාම- රූප නොමැති වීමයි.බාහිරේ පවතින්නෙ හුදු කම්පන තරන්ග වලින් නිපදවුන ආපෝ,තේජෝ,වායෝ,පඨවි ධාතූන්ගෙ විවිධ සන්කලනයි.මේ වර්ණ සහ හැඩතල වලට නමක් දී සෙසු ලෝකයෙන් වෙන්කර පෙන්වන්නෙ විඤ්ඤාණය සහ මනස විසිනි.
මනසෙන් නිදහස්වු විට සිදුවන්නේ මේ දර්ශනයට නොරැවටීමයි.පෙනීම එලෙසමයි.එය හරියට මිරිගුවට මුවා රැවටෙනමුත්,මිනිසා නොරැවටෙනවා මෙනි.
No comments:
Post a Comment