චිත්තය,විඤ්ඤාණය,මනස යනුවෙන් හදුන්වන එකිනෙකට සම්බන්ධ සහ එකිනෙකෙන් වෙනස්වු සිත හා සම්බන්ධ අවස්ථා හෝ ස්ථාන වශයෙන් කිව හැකිවුවද,පවතින තැනක් නිශ්චිතව පෙන්විය නොහැකි ස්වභාවයක් අපතුල ක්‍රියාත්මකයි.මෙයින් මනස ඉන්ද්‍රියක් මෙන්ම ආයතනයක් ලෙසද සැලකේ.නාම - රූප හේතුවෙන් මනායතනය මුලිකව සලායතන ඇතිවේ.බාහිරෙන් ගන්නා අරමුණු මනසිකාරය වන්නේ මනසටයි.නාම -රූප ධර්ම අමුද්‍රව්‍ය කරගෙන ලෝකයක් මවන්නේ මනසයි. අනිත් ඉන්ද්‍රියන්ට වඩා මනස වෙනස් වේ. අනිත් ඉන්ද්‍රිය බාහිරෙන් අරමුණු ගන්නා නමුත් මනස කෙලින්ම බාහිරෙන් අරමුණු නොගන්නා අතරම අන් ඉන්ද්‍රිය ගන්නා අරමුණු රැස්කරන,නාම-රූප වශයෙන් සකස් වෙන සන්ඤා ස්කන්ධය,දැනුම යන සියලුම තොරතුරු මුලස්ථානය ලෙස හැදින්විය හැකිය.මම සහ මගේ යන ආත්මීය සන්කල්පය මනස සමග බැදී ඇත.පුද්ගලයන් දෙදෙනෙක් එකිනෙකාගෙන් වෙනස් වන්නේ මේ මනසේ ස්වභාවය අනුවයි.
මනස වර්තමානය නොහදුනන අතර නිතරම අතීතය මත පදනම්ව වර්තමානය දකියි.අසන,දකින,දැනෙන,සිතන සියල්ලම අතීතය පදනම් කොට සන්ස්කාර හා බැදීම සිදු කරන්නේ මනසයි.කෙනෙක් මනසෙන් හෙවත් මනායතනයෙන් නිදහස් වන තුරු ඔහුට යථා ස්වභාවය හෙවත් සත්‍ය දැකිය නොහැකි වෙයි.තමන් විසින්ම සකස් කර ගත් ලෝකය මනසයි.මුලිකව ප්‍රභාශ්වර වු චිත්තය බාහිරෙන් රැස් කල ආගන්තුකවු කෙලෙස් නිසා වැසී යන්නෙ මේ මනසේ ක්‍රියාකාරිත්වය නිසාය.
No comments:
Post a Comment