Future mankind & End of human evolution




what is the end evolution of mankind. No body can answer that. but i have a some picture about future mankind.



what will be look like in future mankind, i think future man kind has not unique figure. they will have customized figure as own desire, and also eternity.



how that will happen in future.

after many technikal evolution steps man kind will become a end of the human evolution and allso gain eternity. in that stage mankind wiil not catagorize as only a human will be mixed of humanity & machine.

we know at the present so many on going project to build artifical human body parts. one day they will achive target to build all human body parts artificialy.
in this stage human will not suffer any deseses or injuries becouse they can replace any body part, this artificial part will be more efficiant , strong and accurate than naturel. 
greate chalenge will be make artificial brain it will not be easy as make other parts but one day they will find methode to store all datas such as feelings, imotions, knowledge to some electronick divice. that is the day end of human evoluation.

how socity will function with eternal human.
after become eternaly new birth will not be hapen. new birth will totaly band by leeagaly.  further there will not be seen human with natural body & unike figure, all will have customize body as there choices & use. some will have wheel insted of leg, another will have fether insted of hand, some body look like may be car or motorcycle. any one can replace there body parts or whole body to suit what they have to do.

food will not need this world. all artificial body will function by electricity,fual or other energy source. they physicaly will not travel long distance any more. person transfer to one place to another place as date, transfered datas ( person ) store another body in distnce place. that mean human will not have unike physical identification all human will have unike cyber identification. transport methode will use to transport only goods. cargo ships,plain & other vehical allso become part of human when need function qualified person store to a vehicale and it become a human.



Atom & Thinking

if we can image some things in our brain it can relized in anywere in universal. that mean we can't image anything if it is not in our universal.

our thinking , creation are born in our brain. brain and all thing in universe crate by atome. 
my point our brain cant't image anything if can't be create by atome. that mean if we image any thing that can be find any were in universal or it can be make and not been created yet.
if something beyond atome it can't be image or think by our brain.

අත්හැරීම


ධර්ම දේශනා, සාකච්චා,උපදෙස් වලදී නිතර කියවෙන දෙයකි,අතහැරීම.නිතරම සියල්ල අතහරින ලෙස උපදෙස් ලැබේ.නමුත් එසේ අතහැරිය කෙනෙක් සොයාගැනීමට ද නැත.මමත් රූප ලෝකයත් මේ දකින ලෙසම දකිමින්,පවත්වමින් කිසිවෙකුට අතහැරීමක් කල නොහැකිය.මොනවද අතහරින්නෙ බාහිර ලෝකයද,ඒ ලෝකයෙන් අල්ලා ගත් රැස්කල වස්තුවද,අම්මා,තාත්තා සහ පවුලේ අයද,බිරිද සහ දරුවන්ද කුමක්ද?මේ සියල්ල මෙලෙසම හදුනමින්,ප්‍රතක්ජන බැල්මෙන් යුතුවම කිසි කලෙක කිසිවක් අතහරින්න බැහැ.මොකද මේ ලෝකය මැවී ඇත්තේ මනසේයි.මනස එසේම පවත්වනතාක් අතහැරීම හුදු වැදි බණක් පමණයි.ගෙදරින් යම් ප්‍රශ්නයකට කලකිරී මහණ වුවද මේ සියල්ල මනසේ දරාගෙනම සිටී.

ඒ නිසා කිසිවෙක් අතහැරීමට මහන්සි නොවී යථා ස්වභාවය දකින්නයි ක්‍රියා කල යුත්තේ.මම මගේ කියන දෘශ්ටියේද,බාහිර ඇතැයි සිතන ලෝකයේද සමුදය,නිරෝධය,ආශ්වාදය සහ ආදිනවය දැකීම මුල් පියවරයි.මේ සදහා ස්පර්ශ ආයතන හය පිරිසිද දැකිය යුතුය.මිරිගුව යථාර්තයෙන්ම මිරිගුවක් බව දකින්නා මුවෙක් මෙන එහි ජලය ඇතැයි සිතා දුව නොයයි.මුවෙකුට එහි ජලය ඇතැයි සිතනතාක් කල් එය සිතින් අතහැරිය නොහැකිය.එසේම ලෝකය මායාවක් ලෙස දකින තුරු එය අතහැරීම චින්තනයෙන් කල නොහැකිය.නින්දෙදී සිහිනයක් දකින්නාට එය දකින අවස්ථාවේදී සම්පුර්ණයෙන්ම සත්යයකි.සිහිනයක් බව නොදැන බයවෙයි,සතුටු වෙයි.එනමුත් නින්දෙන් අවදි වු විට එය සිහිනයක් බව අවබෝධ කරයි.සිහිනෙන් දුටු දෙය අතහැරීමට අමුතුවෙන් මහන්සි විය යුතු නැත.සිහිනයක් බව දැන ගත් මොහොතේම අත හැරෙයි.එලෙසම මේ රූප ලෝකයෙ මායාව කෙලෙස් නින්දෙන් අවදි වු මොහොතේම අතහැරෙයි.එසේ නොමැතිව බණ කොපමණ කිව්වත් සැබෑවට සිතා සිටින ලෝකය අතහැරිමක් කිසිදින සිදු නොවේ.

මනසෙන් නිදහස් වීම

ධර්මය සාකච්චා කරන විට නිතර කියවෙන දෙයකි මනසින් නිදහස්වීම.මනස තමයි ප්‍රශ්නය.ලෝකය නම් මනසයි.මනස වර්තමානය නොහදුනයි.සියල්ලම මනස පමණි.මේ තමයි මනස සම්බන්ධ කියවෙන කරුණු.මෙම මනස පිළිබද සාකච්චාව මුලිකවම පවතින්නෙ මහායාන බුදුදහමේයි.සියල්ලම මනස පමණි.මනසෙන් නිදහස්වීම සියල්ලෙන් නිදහස්වීමයි.යන අදහස මහායාන සියලුම කොටස්වල පොදු පිළිගැනීමකි.

මනසෙන් නිදස්වීම යනු මෙතෙක් රැස්කල දැනුමෙන්,නාම - රූප ලෝකයෙන් මිදීමයි.එතකොට ප්‍රශ්නයක් එනව,ඒ සියල්ලෙන් මිදිල අපි කොහොමද මෙලොව එදිනෙදා ජීවිතය ගත කරන්නෙ කියල.

මෙම ප්‍රශ්නය වරක් අන්‍ය තීර්තකයන් විසින් බුදුන්වහන්සේගෙන් ඇහුව.ඔවුන් ඇහුව ඔබවහන්සේ නිතරම මෙලොවින් එතෙර සම්බුද්දත්වයේද සර්වඤ්ඤ ඤාණයේද ඉන්නෙ කියල.එතනදි බුදුන්වහන්සේ පිළිතුරු දුන්නෙ එහෙම වුනොත් මට ආනන්දවත් හදුනන්න බැරිවෙයි.පාරක් තොටක් හොයාගෙන ඇවිදින්නත් බැරිවෙයි.මම එම සර්වඤතා ඥාණය අවශ්‍ය අවස්ථාවෙ භාවිතා කරනව,නැත්නම් සාමාන‍ය මනුස්ස ජීවිතය ගත කරනව කියල. මේක මනසෙ ඉන්න අයට අවබෝධ කර ගැනීම අමාරු වෙයි.මනසින් නිදහස්වීම යනු සම්පුර්ණයෙන් මනස නැතිවීම නොවේ.වර්තමනයේ මනසේ සිටින අයට සිදුවී ඇති මනසට රැවටීමෙන් නිදහස්වීමයි.අපි බාහිර අරමුණු ගන්නා විට අපිට හමුවන්නෙ සැම විටම නාම-රූපයකි.නමුත් සත්‍ය නම් බාහිරේ නාම- රූප නොමැති වීමයි.බාහිරේ පවතින්නෙ හුදු කම්පන තරන්ග වලින් නිපදවුන ආපෝ,තේජෝ,වායෝ,පඨවි ධාතූන්ගෙ විවිධ සන්කලනයි.මේ වර්ණ සහ හැඩතල වලට නමක් දී සෙසු ලෝකයෙන් වෙන්කර පෙන්වන්නෙ විඤ්ඤාණය සහ මනස විසිනි.

මනසෙන් නිදහස්වු විට සිදුවන්නේ මේ දර්ශනයට නොරැවටීමයි.පෙනීම එලෙසමයි.එය හරියට මිරිගුවට මුවා රැවටෙනමුත්,මිනිසා නොරැවටෙනවා මෙනි.

බණ ඇසීම සහ මගපල ලැබීම

අද නවම් පුර පසලොස්වක පුන් පොහෝ දිනය වැදගත් වන එක සිදුවීමක් නම් අගසව් දෙනම සාසනයට එකවු දිනයයි.මම මෙතන මතු කරන්න හදන්නෙ උපතිස්ස තරුණයා අස්සජි මහරහතන් වහන්සේගෙන් ගාථා පද දෙකක් අසා සෝවාන්වීමත්,එම මුලු ගාථාවම උපතිස්සගෙන් අසා කෝලිත තරුණයා සෝවාන් වීමත් යන සිදුවීමේ ඇති වැදගත් කමය.බුදුන්වහන්සේ ජීවමාන සමයේ බණ ඇසුවෝ,බණ අහන ගමන්ම,නැත්නම් බණ අසා අවසන මාර්ගපල ලැබුබව ත්‍රිපිටකය පුරාම සුත්‍ර දේශනා වල සදහන්ය.භාවනා කර මාර්ග පල ලැබු බව කොතනවත් සදහන් නොවේ.

සද්ධර්ම ශ්‍රවනයම මාර්ගපල ලැබීමට හේතුවන බව පෙනෙයි.ශ්‍රවනය කරන ක්‍රමයද වැදගත් විය හැකිය.අසන බණ තමන් තුලින්ම දැකීමට නම් යෝනිසෝ මනසිකාරය පිහිටුවා ගෙනම ඇසිය යුතුවේ.

ඇයි අද අපිට බණ ඇසීමෙන් මාර්ගපල නොලැබෙන්නෙ?අද අපිට නිවරැදිව සත්ධර්මය අසන්නට නොලැබීම පළමු කරුණයි.සත් ධර්මය ඇසීම පරම දුර්ලභ කරුණක් බව දෙසුවෙ ඒකයි.අද අපිට අහන්න ලැබෙන්නෙ සය ධර්මයි.ඉන්ද්‍රිය හයෙන් ගෙන අනුන්ට දෙන ධර්මයි.ඉන්ද්‍රිය හය ඉක්මවා දහම දුටුවෙකුට පමණයි සත්ධර්මය දේශනා කල හැකිවන්නේ.

දෙවන කරුණ අපි බණ අහන ක්‍රමයේ වරදයි.හරියටම සිහිය පිහිටුවා ගෙන බණ අසා එම බණ යෝනිසෝ මනසිකාරයෙන් දැකීම අවශ්‍ය වෙයි.

සත්ධර්මය ශ්‍රවනය කර දහම අව්බෝධ නොකර මුලු ජීවිත කාලයම භාවනා කලත් මාර්ගපලනම් ලැබෙන්නෙ නැත.යන්නේ කොහෙද නොදැන මහ පාරට බැස ඉබගාතේ යන්නෙක් ලෙසයි දහම නොදැන භාවනාව විතරක් කරන අය අපට පෙනෙන්නෙ.
නිකමට නොවෙයි බණ, භාවනාවක් කරනව කියල අපේ පැරැණ්නො කිව්වෙ.මුලින් බණ ඉන්පසුව යෝනිසෝ මනසිකාරය හෙවත් භාවනාව

මනස කියන්නෙ කුමක්ද?

චිත්තය,විඤ්ඤාණය,මනස යනුවෙන් හදුන්වන එකිනෙකට සම්බන්ධ සහ එකිනෙකෙන් වෙනස්වු සිත හා සම්බන්ධ අවස්ථා හෝ ස්ථාන වශයෙන් කිව හැකිවුවද,පවතින තැනක් නිශ්චිතව පෙන්විය නොහැකි ස්වභාවයක් අපතුල ක්‍රියාත්මකයි.මෙයින් මනස ඉන්ද්‍රියක් මෙන්ම ආයතනයක් ලෙසද සැලකේ.නාම - රූප හේතුවෙන් මනායතනය මුලිකව සලායතන ඇතිවේ.බාහිරෙන් ගන්නා අරමුණු මනසිකාරය වන්නේ මනසටයි.නාම -රූප ධර්ම අමුද්‍රව්‍ය කරගෙන ලෝකයක් මවන්නේ මනසයි. අනිත් ඉන්ද්‍රියන්ට වඩා මනස වෙනස් වේ. අනිත් ඉන්ද්‍රිය බාහිරෙන් අරමුණු ගන්නා නමුත් මනස කෙලින්ම බාහිරෙන් අරමුණු නොගන්නා අතරම අන් ඉන්ද්‍රිය ගන්නා අරමුණු රැස්කරන,නාම-රූප වශයෙන් සකස් වෙන සන්ඤා ස්කන්ධය,දැනුම යන සියලුම තොරතුරු මුලස්ථානය ලෙස හැදින්විය හැකිය.මම සහ මගේ යන ආත්මීය සන්කල්පය මනස සමග බැදී ඇත.පුද්ගලයන් දෙදෙනෙක් එකිනෙකාගෙන් වෙනස් වන්නේ මේ මනසේ ස්වභාවය අනුවයි.

මනස වර්තමානය නොහදුනන අතර නිතරම අතීතය මත පදනම්ව වර්තමානය දකියි.අසන,දකින,දැනෙන,සිතන සියල්ලම අතීතය පදනම් කොට සන්ස්කාර හා බැදීම සිදු කරන්නේ මනසයි.කෙනෙක් මනසෙන් හෙවත් මනායතනයෙන් නිදහස් වන තුරු ඔහුට යථා ස්වභාවය හෙවත් සත්‍ය දැකිය නොහැකි වෙයි.තමන් විසින්ම සකස් කර ගත් ලෝකය මනසයි.මුලිකව ප්‍රභාශ්වර වු චිත්තය බාහිරෙන් රැස් කල ආගන්තුකවු කෙලෙස් නිසා වැසී යන්නෙ මේ මනසේ ක්‍රියාකාරිත්වය නිසාය.