ධර්ම දේශනා, සාකච්චා,උපදෙස් වලදී නිතර කියවෙන දෙයකි,අතහැරීම.නිතරම සියල්ල අතහරින ලෙස උපදෙස් ලැබේ.නමුත් එසේ අතහැරිය කෙනෙක් සොයාගැනීමට ද නැත.මමත් රූප ලෝකයත් මේ දකින ලෙසම දකිමින්,පවත්වමින් කිසිවෙකුට අතහැරීමක් කල නොහැකිය.මොනවද අතහරින්නෙ බාහිර ලෝකයද,ඒ ලෝකයෙන් අල්ලා ගත් රැස්කල වස්තුවද,අම්මා,තාත්තා සහ පවුලේ අයද,බිරිද සහ දරුවන්ද කුමක්ද?මේ සියල්ල මෙලෙසම හදුනමින්,ප්‍රතක්ජන බැල්මෙන් යුතුවම කිසි කලෙක කිසිවක් අතහරින්න බැහැ.මොකද මේ ලෝකය මැවී ඇත්තේ මනසේයි.මනස එසේම පවත්වනතාක් අතහැරීම හුදු වැදි බණක් පමණයි.ගෙදරින් යම් ප්‍රශ්නයකට කලකිරී මහණ වුවද මේ සියල්ල මනසේ දරාගෙනම සිටී.
ඒ නිසා කිසිවෙක් අතහැරීමට මහන්සි නොවී යථා ස්වභාවය දකින්නයි ක්‍රියා කල යුත්තේ.මම මගේ කියන දෘශ්ටියේද,බාහිර ඇතැයි සිතන ලෝකයේද සමුදය,නිරෝධය,ආශ්වාදය සහ ආදිනවය දැකීම මුල් පියවරයි.මේ සදහා ස්පර්ශ ආයතන හය පිරිසිද දැකිය යුතුය.මිරිගුව යථාර්තයෙන්ම මිරිගුවක් බව දකින්නා මුවෙක් මෙන එහි ජලය ඇතැයි සිතා දුව නොයයි.මුවෙකුට එහි ජලය ඇතැයි සිතනතාක් කල් එය සිතින් අතහැරිය නොහැකිය.එසේම ලෝකය මායාවක් ලෙස දකින තුරු එය අතහැරීම චින්තනයෙන් කල නොහැකිය.නින්දෙදී සිහිනයක් දකින්නාට එය දකින අවස්ථාවේදී සම්පුර්ණයෙන්ම සත්යයකි.සිහිනයක් බව නොදැන බයවෙයි,සතුටු වෙයි.එනමුත් නින්දෙන් අවදි වු විට එය සිහිනයක් බව අවබෝධ කරයි.සිහිනෙන් දුටු දෙය අතහැරීමට අමුතුවෙන් මහන්සි විය යුතු නැත.සිහිනයක් බව දැන ගත් මොහොතේම අත හැරෙයි.එලෙසම මේ රූප ලෝකයෙ මායාව කෙලෙස් නින්දෙන් අවදි වු මොහොතේම අතහැරෙයි.එසේ නොමැතිව බණ කොපමණ කිව්වත් සැබෑවට සිතා සිටින ලෝකය අතහැරිමක් කිසිදින සිදු නොවේ.
No comments:
Post a Comment