අද නවම් පුර පසලොස්වක පුන් පොහෝ දිනය වැදගත් වන එක සිදුවීමක් නම් අගසව් දෙනම සාසනයට එකවු දිනයයි.මම මෙතන මතු කරන්න හදන්නෙ උපතිස්ස තරුණයා අස්සජි මහරහතන් වහන්සේගෙන් ගාථා පද දෙකක් අසා සෝවාන්වීමත්,එම මුලු ගාථාවම උපතිස්සගෙන් අසා කෝලිත තරුණයා සෝවාන් වීමත් යන සිදුවීමේ ඇති වැදගත් කමය.බුදුන්වහන්සේ ජීවමාන සමයේ බණ ඇසුවෝ,බණ අහන ගමන්ම,නැත්නම් බණ අසා අවසන මාර්ගපල ලැබුබව ත්‍රිපිටකය පුරාම සුත්‍ර දේශනා වල සදහන්ය.භාවනා කර මාර්ග පල ලැබු බව කොතනවත් සදහන් නොවේ.
සද්ධර්ම ශ්‍රවනයම මාර්ගපල ලැබීමට හේතුවන බව පෙනෙයි.ශ්‍රවනය කරන ක්‍රමයද වැදගත් විය හැකිය.අසන බණ තමන් තුලින්ම දැකීමට නම් යෝනිසෝ මනසිකාරය පිහිටුවා ගෙනම ඇසිය යුතුවේ.
ඇයි අද අපිට බණ ඇසීමෙන් මාර්ගපල නොලැබෙන්නෙ?අද අපිට නිවරැදිව සත්ධර්මය අසන්නට නොලැබීම පළමු කරුණයි.සත් ධර්මය ඇසීම පරම දුර්ලභ කරුණක් බව දෙසුවෙ ඒකයි.අද අපිට අහන්න ලැබෙන්නෙ සය ධර්මයි.ඉන්ද්‍රිය හයෙන් ගෙන අනුන්ට දෙන ධර්මයි.ඉන්ද්‍රිය හය ඉක්මවා දහම දුටුවෙකුට පමණයි සත්ධර්මය දේශනා කල හැකිවන්නේ.
දෙවන කරුණ අපි බණ අහන ක්‍රමයේ වරදයි.හරියටම සිහිය පිහිටුවා ගෙන බණ අසා එම බණ යෝනිසෝ මනසිකාරයෙන් දැකීම අවශ්‍ය වෙයි.
සත්ධර්මය ශ්‍රවනය කර දහම අව්බෝධ නොකර මුලු ජීවිත කාලයම භාවනා කලත් මාර්ගපලනම් ලැබෙන්නෙ නැත.යන්නේ කොහෙද නොදැන මහ පාරට බැස ඉබගාතේ යන්නෙක් ලෙසයි දහම නොදැන භාවනාව විතරක් කරන අය අපට පෙනෙන්නෙ.
නිකමට නොවෙයි බණ, භාවනාවක් කරනව කියල අපේ පැරැණ්නො කිව්වෙ.මුලින් බණ ඉන්පසුව යෝනිසෝ මනසිකාරය හෙවත් භාවනාව
No comments:
Post a Comment